දෙසලෙන් ඉතියෝපියාවේ අගමැති ධුරයට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 22 බදාදා - 12:59 GMT
අගමැති මෙලෙස් සෙනාවී ගේ දේහය

අගමැති මෙලෙස් සෙනාවී ගේ දේහය අඩිස් අබාබා අගනුවරට රැගෙන ආ අවස්ථාව

වැඩබලන අගමැති හයිලේමාරියන් දෙසලෙන් ඉදිරි දින දෙක ඇතුළත පාර්ලිමේන්තුව ඉදිරියේ දිව්රුම් දෙනු ඇතැයි ඉතියෝපියාවේ ආණ්ඩුව කියා සිටියි.

අගමැති මෙලෙස් සෙනාවී හදිසියේ ම අභාවප්‍රාප්ත වීමෙන් පසුව, වැඩ බලන අගමැතිවරයා හැටියට පත්ව සිටින්නේ හයිලේමාරියන් දෙසලෙන්.

අභිනව අගමැතිවරයා 2015 දී පැවැත් වීමට නියමිත මීළඟ මහමැතිවරණය තෙක් බලයේ සිටින බවත් ප්‍රකාශ විය.

මියගිය අගමැති මෙලෙස් සෙනාවී ගේ දේහය අඩිස් අබාබා අගනුවර ජාතික මාළිගයේ තැන්පත් කරනු ලැබ ඇති අතර අගමැතිවරයාගේ හදිසි අභාවය නිමිත්තෙන් ඉතියෝපියානු ජනතාව ශෝකයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

අගමැති අවමඟුල සිදුකරන දිනය තවම ප්‍රකාශයට පත් කර නැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.