නොර්වේ සමූහ ඝාතනයේ චුදිත බ්රෙයිවික්ට වසර විසි එකක සිර දඬුවමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 24 සිකුරාදා - 13:01 GMT
Anders Behring Breivik

තමා මනා සිහිකල්පනාවෙන් යුක්ත බව දිගටම ප්‍රකාශ කළ චුදිතයා කියා සිටියේ දේශපාලන අරමුණක් ඇතිව ඝාතන සිදු කළ බවයි

පසුගිය වසරේ ජූලි මාසයේ හැත්තෑ හත්දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි චූදිත අන්ද්‍රෙස් බේරින්ග් බ්රෙයිවික් මනා සිහිකල්පනාව සහිත පුද්ගලයකු යයි තීන්දු කළ නෝර්වේ උසාවියක් ඔහුට අවුරුදු විසි එකක සිර දඬුවමක් නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ල උසාවියෙන් ඉල්ලා සිටියේ විසි එක් හැවිරිදි චූදිතයා, උමතුවෙන් පෙළෙන්නකු හැටියට ප්‍රකාශයට පත් කරමින්, ඔහු නිශ්චිත කාල නියමයකින් තොරව, අධි ආරක්‍ෂිත මානසික රෝහලක සදහටම රඳවා තැබීමේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.

තමා විසින් සිදුකරන ලද අපරාධය ගැන කිසිදු පසුතැවිල්ලක් පෙන්නුම් නොකළ අන්ද්‍රෙස් බේරින්ග් බ්රෙයිවික්, බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් සහ වෙඩි තැබීම මගින් සිදු කළ අපරාධයේ වගකීම භාර ගත්තේය.

තමා මනා සිහිකල්පනාවෙන් යුක්ත බව දිගටම ප්‍රකාශ කළ චුදිතයා කියා සිටියේ දේශපාලන අරමුණක් ඇතිව ඉහත කී ඝාතන සිදු කළ බවයි.

උසාවියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙද්දී Breivik සිනා මුසුව සිටිනු දක්නට ලැබිණ.

තම සේවා දායකයා තීන්දුවට එරෙහිව අභියාචනය නොකරන බව බ්රෙයිවික් ගේ නීතිවේදියා විසින් තහවුරු කරනු ලැබින.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.