සිරියාවේ අගනුවරදී 'ආණ්ඩුවේ යානයකට' ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 27 සඳුදා - 12:44 GMT
The helicopter under attack

පොළවට කඩා වැටෙන යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ

දමස්කස් අගනුවර තුළ තමන්ට පහර එල්ල කරමින් සිටි ආණ්ඩුවේ හෙළිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙළූ බව සිරියානු විපක්ෂයේ හමුදා පවසති.

ගිනිගෙන පොළවට කඩා වැටෙන හෙළිකොප්ටර් යානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් කැරලිකරුවන් විසින් අන්තර්ජාලයේ පළ කොට තිබේ.

සිරියානු රාජ්‍ය රූපවාහිනිය පවසන ආකාරයට හෙලිකොප්ටරය දමස්කස් අගනුවර ප්‍රත්‍යන්ත කලාපයක මුස්ලිම් පල්ලියක් අසළටයි කඩා වැටී ඇත්තේ.

එහෙත් යානය කැරළිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ බවක් සිරියානු රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ නැහැ.

පසුගිය දින කීපය ඇතුළත සිරියානු ආණ්ඩුවේ හමුදා ප්‍රහාර මගින් තුන්සීයකට අධික ජනතාව මරාදැමූ බවයි කැරලිකරුවන් කියා සිටින්නේ. බිම හෙළූ හෙලිකොප්ටරය එවැනිම තවත් ප්‍රහාරයක නිරතව සිටි බවක් දක්නට ඇති බවයි බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.