ඇමරිකානු ක්‍රියාධාරිනියක ගේ මරණය අවාසනාවන්ත වැරදීමක් - ඊශ්‍රායල අධිකරණය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 28 අඟහරුවාදා - 12:34 GMT
Rachel Corrie in front of the bulldozer

රැචල් කොරීගේ මව කියා සිටියේ මෙය ඊශ්‍රායල අධිකරණයට ඉතා කනගාටු දායක දිනයක් වන බවයි

මීට අවුරුදු නමයකට පෙර ගාසා තීරයේදී බුල්ඩෝසරයකට යට වී මියගිය ඇමරිකානු ක්‍රියාධාරිනියක ගේ මරණය අවාසනාවන්ත වැරදීමක් යැයි ඊශ්‍රායල අධිකරණය විසින් තීන්දු කොට තිබේ.

රැචල් කොරී නම් ඇමරිකානු ක්‍රියාධාරිනිය බුල්ඩෝසරයකට යට වී මියගියේ රෆැහැ පළාතේ පලස්තීන වැසියන් ගේ නිවාස ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිටියදී .

ක්‍රියාධාරිනිය ඉතා පැහැදිලිව දුරට පෙනෙන කබායක් පැළඳ විරෝධය පළ කරමින් සිටියදී යි, මේ මරණය සිදු වූයේ.

බුල්ඩෝසරයේ රියැදුරා රැචල් කොරී දකින්නට ඉඩක් නොතිබූ බවත් කොන්ක්‍රීට් පුවරුවක් ඇඟ මත වැටීමෙන් ඇය මිය යන්නට ඇති බවත් ඊශ්‍රායල අධිකරණය තීන්දු කළේය.

තීන්දුව සම්බන්දයෙන් රැචල් කොරීගේ මව කියා සිටියේ මෙය ඊශ්‍රායල අධිකරණයට ඉතා කනගාටු දායක දිනයක් වන බවයි.

මීට පෙර අධිකරණය විසින් දුන් තීන්දුවක් තහවුරු වීම ගැන තමන් සතුටට පත් වන බව ඊශ්‍රායල ආණ්ඩුව ප්‍රකාශ කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.