මැඩගස්කරයේ හරක් හොරුන්ට ගම්වැසියන්ගෙන් දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 3 සඳුදා - 15:29 GMT

දකුණු මැඩගස්කරයේ ගම්වැසියන් විසින් හරක් හොරුන් හැට දෙනෙකුට වැඩි පිරිසක් මරා දමා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කරයි.

හරක් හොරුන්ට එරෙහිව කළ පහරදීම් හතරකදී මෙම පිරිස මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ගම්වැසියන්, ගල්, පොරෝ සහ හෙළි වලින් හරක් හොරකමේ යෙදුන බවට සැකකළ පුද්ගලයන්ට පහරදී තිබෙන බවයි මැඩගස්කරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

පසුගිය සිකුරාදා සිදුවූ මෙම පහරදීමෙන් පසු පළිගැනීමේ චේතනාවෙන් එල්ල විය හැකි ප්‍රහාර වැලක්වීමේ අරමුණින් ප්‍රදේශයට අතිරේක පොලිස් බල ඇණි යවා තිබේ.

ප්‍රදේශයේ ඇති කරන සේබු හරක් හොරකම් කර විකිණීම, පසුගිය කාලය තුල ඉතා ප්‍ර‍රචලිත අපරාධකාරී ජාවාරමක් වී තිබෙන අතර මේ නිසා දකුණු මැඩගස්කරයේ හරක් හොරකම බහුලව සිදුවන බවයි පැවසෙන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.