දකුණු අප්‍රිකානු යුද හමුදාව සීරුවෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 12 බදාදා - 12:02 GMT
ජුලියස් මලෙමා

ජුලියස් මලෙමා

යුද හමුදාව සීරුවෙන් තැබීමට දකුණු අප්‍රිකානු බලධාරීන් පියවර ගෙන ඇත.

1994 දී දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී පාලනය අවසන් වීමෙන් පසුව එරට යුද හමුදා සීරුවෙන් තැබුන පළමු වතාව මෙයයි.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ තරුණ සංවිධානයේ නායකත්වයෙන් පහකරනු ලැබ සිටින රටේ කලකිරුන යුද හමුදා භටයන් අමතා කතා කිරීමට සුදානම් වෙමින් සිටියදීයි , දකුණු අප්‍රිකානු බලධාරීන් යුද හමුදාව සීරුවෙන් තැබීමට පියවර ගනු ලැබ තිබෙන්නේ.

ප්‍රතිවිප්ලවීය ප්‍රතිවිපාක උද්ගත වීමට හේතු විය හැකි හෙයින් යුද හමුදාව කුපිත කෙරෙන ආකාරයේ ප්‍රයත්නයන්ගෙන් වැළකී සිටින මෙන්, දකුණු අප්‍රිකානු ආරක්ෂක ඇමතිනී නොසිවිවේ මපිස -ණ්කආකුල ,ජුලියස් මලෙමාට අනතුරු ඇඟවීමක් කර ඇති බවත් වාර්තා වුනා.

සිය වෘත්තීය තත්වය නංවාලන මෙන් සහ වැටුප් වැඩිකරන මෙන් ඉල්ලා සිටිමින් යුද හමුදාව විසින් 2009 වසරෙහි දියත් කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයට හවුල්වීම නිසා හමුදා විනය කඩකිරීමේ චෝදනා ලැබ සිටින භටයන් අමතා කතා කිරීමටයි,දකුණු අප්‍රිකානු තරුණ සංගමයේ හිටපු නායක ජුලියස් මලෙමා සැලසුම් කරමින් සිටියේ.

දකුණු අප්‍රිකාවේ ආකර අංශයේ ව්‍යාකූල තත්වයක් පැතිර යමින් ඇති බවක් ද මේ අතර වාර්තා වේ. පසුගියදා වර්ජනයක් පැවැති ප්ලැටිනම් ආකරයේ කම්කරුවන් තවමත් රැකියාවන්ට වාර්තා කොට නැත.

ආකරය අයත් බ්‍රිතාන්‍ය - ඇමෙරිකානු සමාගම පවසන්නේ බියගැන්වීම් නිසා කම්කරුවන්ට සේවයට පැමිණීමට නොහැකි තත්වයක් ඇති බවයි.මේ අතර අර්බුදකාරී තත්වයක් පවතින රන් ආකරයක කම්කරුවන්ට කඳුළු ගෑස් ගසා විසුරුවා හරිනු ලැබුහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.