හැරී කුමරු ඉලක්ක කරගත් තාලිබාන් ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 15 සෙනසුරාදා - 17:57 GMT

තම ආරක්ෂක වැඩපිළිවෙලේ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජන ගනිමින් ඉතාම වැදගත් යුද කඳවුරුවලින් එකකට පහරදීමට තාලිබාන් කැරලිකරුවන් සමත් වූ බව ඇෆ්ඝනිස්තානයේ රඳවා සිටින ISAF විදේශීය හමුදාව පිළිගෙන තිබේ.

හෙල්මන්ඩ් ප්‍රාන්තයේ පිහිටි බැස්ටියන් ( Camp Bastion ) යුද කඳවුරේ බාහිර සීමාවේ පවතින දුර්වල තත්වය තේරුම්ගත් තාලිබාන් කැරලිකරුවන් එහි කඩා වැදී යුද ගුවන් තොටුපළට පහරදීමට මගපාදා ගත් බවයි ISAF හමුදාව ප්‍රකාශ කළේ.

මේ අතර ප්‍රකාශයක් කරන ඇෆ්ඝන් හමුදාව, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් යුද කඳවුරේ බාහිර සීමාවේ තාප්පයක් බිඳ හෙළීමෙන් අනතුරුව ප්‍රහාරය ආරම්භ වූ බවයි කියා සිටින්නේ.

එම ප්‍රහාරයේදී ඇමෙරිකානු භටයෝ දෙදෙනෙක් සහ සන්නද්ධ ප්‍රහාරකයෝ දහ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන්නන් අතර තුන්වැනි තැන හිමිකර ගන්නා හැරී කුමරු හෙලිකොප්ටර් නියාමකයකු හැටියට ඉහත කී කඳවුරේ සිටින හෙයින් ඔහු ඉලක්ක කොට ඊට පහර දුන් බවයි තාලිබාන් ව්‍යාපාරය පැවසුවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.