චීනයේ ජපන් විරෝධී උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 18 අඟහරුවාදා - 17:15 GMT
උද්ඝෝෂණ

නැගෙනහිර චීන මුහුදේ පිහිටා තිබෙන දුපත් මුල් කරගෙනයි මේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

ජපානයට තම විරෝධය පළ කරන චීන උද්ඝෝෂකයෝ දහස් ගණනක් බේජිං නුවර පිහිටි ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වූහ.

අර්බුදයට ලක් වී තිබෙන නැගෙනහිර චීන මුහුදේ පිහිටා තිබෙන දුපත් මුල් කරගෙනයි මේ උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

දැනට දින හතරක් තිස්සේ මේ උද්ඝෝෂණ පැවැත්වෙන අතර මේ හේතුවෙන් චීනයේ ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන යන ජපන් ජාතිකයන්ට තම ව්‍යාපාර තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

චීන මුහුදේ පිහිටා තිබෙන දුපත් වෙත චීන ධීවර යාත්‍රා සහ චීන නාවික මුර සංචාරක යාත්‍රා ගමන් ගනිමින් තිබෙන බව වාර්තා වීමෙන් පසුව ජපානය තම සමුද්‍ර සීමාවේ ආරක්ෂාව තර කොට ඇත.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.