ඉරානයේ සරසවි උපාධි අපේක්ෂිකාවන්ට තහනම් විෂය මාලාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 22 සෙනසුරාදා - 17:26 GMT

ඉරානයේ සරසවි උපාධි අපේක්ෂිකාවන් අධ්‍යයනය නොකළ යුතු තහනම් විෂය මාලාවක් ටෙහෙරාන් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

අද පටන් බල පැවැත්වෙන මෙම නීතියයට අනුව විෂයයන් අසූවකට ආසන්න සංඛ්‍යාවක් හැදෑරීමට ඉරාන් සරසවි ශිෂ්‍යාවන්ට අවස්ථාව නොලැබේ.

මේ තත්වය යටතේ තිහකට අධික ඉරාන් සරසවිවල ඉගෙනුම ලබන කාන්තාවන්ට න්‍යෂ්ටික භෞතික විද්‍යාව ,පරිගණක විද්‍යාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය ඇතුළු විෂයයන් අසූවක් පමණ ඉගෙනීමේ අවස්ථාව අහිමි කොට තිබේ..

එවැනි අධ්‍යාපන තහංචියක් දැමීමට හේතුව කුමක්ද යන්න පැහැදිළි කොට නැත.

ත්‍යාගලාභී ඉරාන් නීතිවේදිනියක වන ෂිරින් එබදී (Shirin Ebadi ) ඉහත කී තහංචිය විග්‍රහ කළේ කාන්තාවන් අධ්‍යාපනයෙන් බැහැර කිරීමේ පිළිවෙතක් ලෙසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.