නයිජීරියාවෙන් සෞදි අරාබියට තහංචියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 27 බ්‍රහස්පතින්දා - 13:05 GMT

නයිජීරියානු මුස්ලිම් බැතිමතියන්

වන්දනා නඩ රැගෙන සෞදි අරාබිය බලා යන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට නයිජීරියාව පියවර ගෙන තිබේ.

එරට මේ තීරණය ගනු ලැබුවේ, පිරිමි භාරකාරයකු සමග නොපැමිණි නයිජීරියානු කාන්තාවන් එකසිය හැත්තැ දෙනකුට වැඩි පිරිසක් පිටමං කිරීමත් සමගයි.

එම වන්දනාකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට එරෙහිව පැමිණිලි කිරීම සඳහා නයිජීරියානු කථානායකවරයා ප්‍රමුඛ දුත පිරිසක් සෞදි අරාබිය වෙත යාමට නියමිතයි.

වන්දනා නඩය රදවාගෙන සිටි කාලය තුල තමන්ට ආහාර පානාදිය ලබා නොදුන් බව බීබීසි යට කියා සිටි එක කාන්තාවක් පැවසුවේ සිය ගණනක් වූ ඔවුන්ට තිබුනේ එක වැසිකිලියක් පමණක් බවයි.

හජ් වන්දනාවෙන් පසු තම රටේ නවතින අප්‍රිකානු ජාතික කාන්තාවන් සිඟා කෑමට මෙන්ම ගණිකා වෘත්තියටද යොමු වී සිටීම, සෞදි අරාබිය දිගු කලෙක සිට විමසිලිමත්ව සිටින කරුණක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.