සදාම් හුසේන් උපන් ගමේ සිරගෙට ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 28 සිකුරාදා - 13:35 GMT

ඉරාකයේ ටික්රිට් නගරයේ සිරගෙයකට පහර දුන් තුවක්කුකරුවන් කණ්ඩායමක් බන්ධනාගාර නියාමකයන් දොළොස් දෙනකු මරා දමා රැඳවියන් අනුවක් පමණ මුදා ගෙන ඇත.

මුදා ගනු ලැබ ඇති සිරකරුවන් අල් කයිඩා ජාලයේ දැඩි මතධාරී ප්‍රහාරකයන් බවයි එක් ඉරාක මන්ත්‍රී වරයෙක් ප්‍රකාශ කළේ.

බැග්ඩෑඩ් නගරයේ සිටින බී බී සී වාර්තාකරුවෙක් කියා සිටියේ, තුවක්කුකරුවන් සහ ඇතැම් සිරකරුවන් සංවිධානය වී ඉතා මැනවින් සකස් කෙරුන සැලසුමකට අනුව පහරදීම සිදුකර ඇති හැඩක් පෙනී යන බවයි.

බන්ධනාගාරයට එල්ල කෙරුන ප්‍රහාරයේදී එක් පොලිස් භටයකු මරණයට පත් වූ බව සඳහන් කළ නිලධාරියෙක් ආරක්ෂක නිලධාරීන් විසින් මේ වන විට බන්ධනාගාරය ඔවුන්ගේ පාලනය යටතට ගනු ලැබීමට සමත්ව ඇති බවත් කියා සිටියේය.

ටික්රිට් හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ උපන් ගමයි. මේ වනවිට ටික්රිට් නගරයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.