විදේශීය සමාගම් වලට එරෙහිව දිල්ලි අගනුවර විරෝධතා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 1 සඳුදා - 14:14 GMT

විදේශීය සුපිරි වෙළෙඳ සමාගම්වලට රට තුළ ආයෝජනය කිරීම් සඳහා දොරටු විවෘත කිරීමට ඉන්දියානු ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව දහසකට අධික ජනතාව දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් සිටී.

එම විරෝධතා ව්‍යාපාරය පෙරට ගියේ බටහිර බෙංගාලයේ මහා ඇමතිනී මමතා බැනර්ජිගේ පුරෝගාමිත්වයෙන්.

විදේශීය සුපිරි වෙළෙඳ සැල්වලට දොරටු විවර කිරීමට ඉන්දීය ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති තීන්දුවට විරෝධය පළකරමින්, මමතා බැනර්ජි නායකත්වය දෙන ත්‍රිනමුල් කොන්ග්‍රස් පක්ෂය මධ්‍යම ආණ්ඩුවේ තම ඇමතිවරුන් පදවි වලින් පසුගියදා ඉවත් කර ගනු ලැබිණ.

ඉන්දීය ආණ්ඩුව විදේශීය සුපිරි වෙළෙඳ සැල් සමූහවලට රටට ඇතුල් වීමට අවසර දී තිබෙන්නේ, ඒවායේ වැඩි අයිතිය දේශීය ව්‍යාපාරිකයන්ට හිමි වීමේ කොන්දේසිය යටතේයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.