මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පළා යයි.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 1 සඳුදා - 16:48 GMT

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය අද ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබුනත් හිටපු ජනාධිපති වරයා බෝට්ටුවකින් පළා යාම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට සිදුවිය.

මාලේ අගනුවර අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණි.

අද නඩු විභාගය ආරම්භකිරීමට නියමිතව තිබෙන අතර වාරයේ මාලේ අගනුවරදී බෝට්ටුවක සිට තම අධාරකරුවන් ඇමතූ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් කියා සිටියේ මාල දිවයිනේ යුක්තිය සහ අධිකරණ ක්‍රියා දාමයේ ගැටළු රාශියක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දී ඇතැයි බීබීසී යේ කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ්ට ප්‍රකාශ කළ හිටපු ජනාධිපතිවරයා තමාට එරෙහි නඩුව දේශපාලන අරමුණු මුල් කර ගත් යුක්ති සහගත එකක් නොවන බවයි කියා සිටින්නේ.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහිව ඉදිරිපත්ව ඇත්තේ ජනාධිපති පදවියේ සිටියදී බලය අයුතු ආකාරයට පාවිච්චි කිරීමට අදාළව අපරාධ චෝදනායි.

මාලදිවයිනේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා හැටියට පිළිගැනෙන්නේ මොහොමඩ් නෂීඩ්.

ඔහුට පසුගිය පෙබරවාරී මාසයේදී පදවිය අහිමි වූ අතර ඔහු කියා සිටින්නේ ප්‍රතිවාදීන් බලය යොදා තමා ධුරයෙන් පහ කළ බවයි. එහෙත් ඔහු සිය කැමැත්තෙන් පදවියෙන් ඉවත් වුන බවයි මාලදිවයින් ආණ්ඩුව පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.