කිංෆිෂර් ගුවන් ගමන් නවතී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 5 සිකුරාදා - 13:23 GMT

තම සමාගමට අයත් යානා පියාසර කරවීම තවත් සතියකින් අත්හිටවීමට ඉන්දියාවේ කිංග්ෆිෂර් ගුවන් සමාගම තීන්දු කර ඇත.

සමාගම එවැනි පියවරක් ගෙන තිබෙන්නේ කිංෆිෂර් කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩල අතර පැවැත්වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව. ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය විරෝධය පළ කරමින් සිටින්නේ මාස කීපයක්ම නෙගෙවූ තම හිඟ වැටුප් ඉල්ලා සිටිමින්.

එවැනි තත්වයක් යටතේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වැඩ වර්ජන මාවතකට අවතීර්ණ වීමත් සමඟ, කිංග්ෆිෂර් සමාගම තම ගුවන් ගමන් කීපයක්ම අවලංගු කිරීමට පසුගිය සඳුදා පියවර ගනු ලැබීය..

ගුවන් සමාගමේ සේවකයකුගේ බිරිඳ ඊයේ සියදිවි හාණිකරගත් බවක් වාර්තා වූ අතර, ඇය විසින් ලියා තබන ලද ලිපියක දැක්වෙන්නේ සිය සැමියාට වැටුප් නොලැබීම හේතුවෙන් ඇති වුන චිත්ත පීඩාව නිසා ජීවිතය නැති කර ගන්නා බවයි. මූල්‍ය දුෂ්කර තත්වයකට වැටී ඇති කිංග්ෆිෂර් ගුවන් සමාගම පසුගිය අවුරුදු පහ පුරා එක දිගටම පාඩු ලැබූ ව්‍යාපාරයක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.