අස් කළ පතල් සේවකයන්ට සහෝදර කම්කරු සහයෝගය.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 6 සෙනසුරාදා - 14:13 GMT

දකුණු අප්‍රිකාවේ, ඇන්ග්ලෝ-ඇමෙරිකානු ප්ලැටිනම් සමාගමෙන් අස් කළ දොළොස් දහසක් පතල් සේවකයන්ට සහයෝගය පළ කරන සහෝදර කම්කරුවෝ රස්ටන්බර්ග් (Rustenburg )නගරයේ වීදි ඔස්සේ සටන් පාඨ කියමින් විරෝධය පල කළහ.

නගරය පුරා දැඩි පොලිස් ආරක්ෂාව යොදා තිබුන අතර, කම්කරුවන් ප්ලැටිනම් සමාගම හෙළා දකින සටන් පාඨ ලියවුන පුවරු රැගෙනයි ගමන් ගත්තේ.

ඇන්ග්ලෝ-ඇමෙරිකානු සමාගම ප්ලැටිනම් නිපදවීම අතින් ලෝකයේ විශාලතම ව්‍යාපාරයයි.

එම සමාගමේ පතල් කම්කරුවන් වැඩ වර්ජන රැල්ලක නිරතව සිටි අතර ඉන් අනතුරුවයි, කම්කරුවන් දොළොස් දහසක් රැකියාවලින් නෙරපීමට සමාගම පියවර ගත්තේ.

එම වැඩ වර්ජන රැල්ල දකුණු අප්‍රිකානු ආකර නිෂ්පාදන අංශයේ නිෂ්පාදයට තදින් බල පෑ අතර ,එම තත්වය රටේ ආර්ථික වර්ධනයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවට කනස්සල්ල පළ වුණා.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.