අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කළ පාකිස්තාන දැරියට වෙඩි පහර

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 9 අඟහරුවාදා - 14:12 GMT

Malala Yousafzai

ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත.

වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.

පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මීට තුන් වසරකට පෙර තාලිබාන් වරුන් ඇය ජීවත් වූ ස්වාත් නිම්නය පාලනය කළ සමයේ තමන් විසූ ප්‍රදේශයේ සිදුවීම් පිළිබඳව දින පොතක් තබා ගනිමින් බී බී සී උර්දු සේවයට ඇය නිතිපතා තොරතුරු වාර්තා කළාය.

මේ වකවානුව තුල තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට තිබිණි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.