සිහනුක් රජතුමාගේ අභාවය ගැන චීනයේ කම්පාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 15 සඳුදා - 15:19 GMT
Norodom Sihanouk

සිහනුක් රජතුමාට කිරුළ දැරීමට සිදුවුනේ කාම්බෝජය ඉතාම දරුණු ව්‍යාකූල තත්වයකට මුහුණ දුන් කාල පරිච්ඡේදයක

බේජිං නගරයේදී අභාවප්‍රාප්ත වූ නරෝදම් සිහනුක් කාම්බෝජයේ හිටපු රජතුමා තම ශ්‍රේෂ්ට මිතුරකු හැටියට විග්‍රහ කරන චීනය ඔහුගේ මරණය පිළිබඳව බලවත් කම්පාව පළ කොට තිබේ.

අවුරුදු හැටකට අධික කාලයක් කාම්බෝජ කිරුළ දැරූ සිහනුක් මෙයින් අවුරුදු අටකට පෙර රජකම අත්හළේ තම පුත් නොරදම් සිහමොනිට රජකම පවරමින්.

අසූ නව වැනි වියේදී අභාවප්‍රාප්ත වූ සිහනුක් රජතුමාට කිරුළ දැරීමට සිදුවුනේ කාම්බෝජය එහි මෑත ඉතිහාසයේ ඉතාම දරුණු ව්‍යාකූල තත්වයකට මුහුණ දුන් කාල පරිච්ඡේදයක.සිහනුක් රජතුමාගේ මෘත දේහය සියරට ගෙනඒම සඳහා ඔහු පුත් නොරදම් සිහමොනි රජතුමා සහ කාම්බෝජ අගමැති හුන් සෙන් චීනය බලා පිටත්ව ගියහ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.