ගූගල් වෙබ් අඩවියට යුරෝපා සංගමයෙන් නියෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 16 අඟහරුවාදා - 13:20 GMT
Google

පුද්ගලික දත්ත රැස්කිරීම සම්බන්ධ සිය ප්‍රතිපත්තිය යුරෝපා සංගමයේ නීතිවලට අනුකූල වූවක් බවයි, ගූගල් සමාගම පවසන්නේ

වෙබ් අඩවිය භාවිත කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස ඔවුන් පිලිබඳ දත්ත රැස්කරන ආකාරය වෙනස් කරන්නැයි යුරෝපා සංගමය ගූගල් සමාගමට නියෝග කළේය.

පසුගිය මාර්තු මාසයේ සිට දත්ත රැස්කරන ආකාරයේ වෙනසක් කළ ගූගල් සමාගම, වෙළඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම වැඩිකර ගැනීමේ අටියෙන් යූ ටියුබ් සහ ජීමේල් ඇතුළු වෙනත් අඩවි භාවිත කරන්නන් පිලිබඳ දත්තද එයට එකතු කළේය.

එහෙත් මෙය පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම පිලිබඳ යුරෝපා සංගමයේ නීති විධිවිධානවලට පටහැනි බව තීන්දු කළ යුරෝපා සංගමය, එබැවින් ගූගල් සමාගම දත්ත රැස්කරන ආකාරය ඉදිරි මාස හතර ඇතුලත වෙනස් කළ යුතු බවට නියෝග කළේය.

වෙබ් අඩවිය භාවිත කරන්නන් සම්බන්ධයෙන් රැස් කරන්නේ කුමන දත්තද, එම දත්ත භාවිත කරන්නේ කුමක් සඳහාද යන කරුණු සවිස්තරව සඳහන් කළ යුතු බවද එම නියෝගයේ සඳහන්.

මෙම නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන ගූගල් සමාගම පවසන්නේ පුද්ගලික දත්ත රැස්කිරීම සම්බන්ධ සිය ප්‍රතිපත්තිය යුරෝපා සංගමයේ නීතිවලට අනුකූල වූවක් බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.