සිහනුක් රජතුමන්ගේ දේහය කාම්බෝජයට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 17 බදාදා - 13:56 GMT
නොරදම් සිහනුක්, හිටපු කාම්බෝජ රජතුමන්ගේ දේහය

චීනයේදී අභාවප්‍රාප්ත වූ නොරදම් සිහනුක්, හිටපු කාම්බෝජ රජතුමන්ගේ දේහය සියරට ගෙන ඒමෙන් අනතුරුව, නොම්පෙන්ග් අගනුවර රජ මාළිගාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට ඇත.

රජතුමාගේ අභාවය අසා සොවින් වැළපෙන දස දහස් සංඛ්‍යාත කාම්බෝජ වැසියන්, අවසන් ගෞරවය දැක්වීම සඳහා අගනුවර වීදිවල පෙළ ගැසී සිටින බවයි නොම්පෙන්ග් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

අලංකාර රථයක ඉදිකෙරුන රන් පැහැති විසිතුරු දෙනක් මත තැන්පත් කළ මෘතදේහය අගනුවර වීදි ඔස්සේ ගෙන එද්දී වැන්දඹු රජ බිසව,ඔවුන් පුත් දැනට කිරුළ දරන නොරදම් සිහමොනි රජතුමා සහ අගමැති හුන් සෙන් ද ඒ සමඟ ගමන් ගත්හ.

සිය ජීවිතයේ අවසාන අවුරුදු කීපය චීනයේ ගතකළ සිහනුක් රජතුමා පසුගියා සඳුදා අභාවප්‍රාප්ත වුනේ හෘදයාබාධයකින්.

1950 දශකයේදී ප්‍රංශයට එරෙහිව දියත් කෙරුන කාම්බෝජ නිදහස් අරගලයට නායකත්වය දෙන ලද්දේ සිහනුක් රජතුමා විසින්.

කාම්බෝජයේ කෙමර්රූජ් ජනඝාතන පාලන සමයේ සිහනුක් රජතුමන් නිවාස සිර අඩස්සියේ තබනු ලැබීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.