කොලොම්බියා රජය හා කැරලි කරුවන් සාකච්ඡාවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 18 බ්‍රහස්පතින්දා - 16:12 GMT

කැරලිකාර නියෝජිත පිරිස

කොලොම්බියා රජය සහ කොලොම්බියා විප්ලවීය සන්නද්ධ බලකාය හෙවත් FARC වාමාංශික කැරලිකරුවන් අතර සාම සාකච්ජා නෝර්වේ හි ඔස්ලෝ අගනුවරදී දහ අට වැනි බ්‍රහස්පතින්දා ආරම්භ විය.

මේ සාකච්ජා පැවැත්වෙන්නේ අර්ධ ශතකයකටත් වැඩි කලක් මුළුල්ලේ දිග් ගැසෙන කොලොම්බියා සන්නද්ධ ගැටුම් අවසන් කිරීමේ අරමුණෙන්.

රහසිගතව කෙරෙන සාකච්ජා වල ප්‍රතිඵල පිළිබඳව දෙපාර්ශවය විසින් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීමට නියමිතයි.

සාකච්ජා වල අවධානය යොමුවී තිබෙන්නේ ප්‍රධාන අංග පහක් පිළිබඳව.

සන්නද්ධ ගැටුම හමාර කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ, විපක්ෂ දේශපාලනය හා පුරවැසි සහභාගිත්වය සඳහා සහතිකයක්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සහ යුද්ධයෙන් පීඩාවට පත් වුවන් ගේ අයිතිවාසිකම් සුරැකීමයි ඒ.

නොර්වේ රටින් ආරම්භ වූ සාකච්ජා ඉන් අනතුරුව කියුබාවේදී පැවැත්වීමට නියමිතයි.

අවසන් ගිවිසුමකට එළැඹෙන තුරු සටන් විරාමයක් ක්‍රියාත්මක නොවන බවයි කොලොම්බියා රජය නිවේදනය කළේ.

සාම ක්‍රියාදාමයේ ඇප කරුවන් ලෙසින් ක්‍රියා කරන්නේ නෝර්වේ හා කියුබානු ආණ්ඩුයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.