කොරියානු රාජ්‍යයන් දෙකෙන් එකිනෙකාට අනතුරු ඇඟවීම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 19 සිකුරාදා - 14:37 GMT
A North Korean soldier

උතුරු කොරියාව තම රටට පහර දුන්නොත් තමන්ද ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට දකුණු කොරියාව අනතුරු ඇඟවීමක් කරයි.

මින් පෙර නොකෙරුණ ආකාරයේ අනතුරු ඇඟවීමක් කරමින් උතුරු කොරියානු යුද හමුදාව කියා තිබුනේ, තම රටින් පළා ගිය පුද්ගලයන් විසින් සැලසුම් කරනු ලැබ ඇති බැලුන් මගින් ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීමේ වැඩපිළිවෙල ලබන සඳුදා ක්‍රියාත්මක කෙරුනොත්, සිය බටහිර යුද පෙරමුණ දකුණු කොරියානු දේශ සීමාවට පහර දෙන බවයි.

උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම එරට රාජ්‍ය රුපවාහිනිය මගිනුයි ප්‍රචාරය කෙරුනේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන දකුණු කොරියාවේ ආරක්ෂක ඇමතිවරයා, එවැනි ප්‍රහාරයක් එල්ල වුනොත් තම හමුදාව ද උතුරු කොරියානු කාලතුවක්කු සේනාංකය ඉලක්ක කොට පහර දෙන බවට අනතුරු ඇඟවීය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.