කස්ත්‍රෝ තවමත් හොඳ සුවයෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 22 සඳුදා - 12:10 GMT
Fidel Castro

වෙනිසියුලානු දේශපාලඥයකු සමග මෙයින් මාස කීපයකට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටී ෆිදෙල් කස්ත්‍රෝ මහජනතාව ඉදිරියට පැමිණියේ නැහැ

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ තමා මරණාසන්නව සිටින බවට කටකතා පළ කරන්නන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

ඔහු යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව පෙන්නුම් කරමින්, දැනට අසූහය වැනි වියේ පසුවන කස්ත්‍රෝ, පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ග්‍රැන්මා (Granma ) පුවත්පත කියවමින් සිටින ඡායාරුපයක් ද ඇතුළත් ලිපියක් අද කියුබානු රාජ්‍ය මාධ්‍යයන්හි පළ කොට තිබිණ.

තමාට සිහි කල්පනාව පවා නැති බවක් පවසමින් තම ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් කටකතා පතුරවන්නන් කොතරම් අගෞරවනීය මට්ටමින් ක්‍රියා කරන්නේද යන්න පෙන්නුම් කිරීම සඳහා, තමා ඇතුළත් ඡායාරූප ජන මාධ්‍යය වෙත නිකුත් කරන ලද බවයි කස්ත්‍රෝ පවසන්නේ.

වෙනිසියුලානු දේශපාලඥයකු සමග මෙයින් මාස කීපයකට පෙර ප්‍රසිද්ධියේ පෙනී සිටී ෆිදෙල් කස්ත්‍රෝ මහජනතාව ඉදිරියට පැමිණියේ නැහැ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.