සිරියානු සටන් විරාමය පවතිද්දීත් වෙඩි හඬ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 27 සෙනසුරාදා - 14:02 GMT

සටන් විරාමයේ දෙවැනි දිනය වූ අදත් සිරියාව සහ තුර්කිය අතර දේශසීමාව ඔස්සේ වෙඩි හඬ පැතිර යමින් තිබේ.

සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට ඇතත්, එහි පළමු දිනය වූ ඊයේ සිටම ගැටුම් සිදු වූ බවට වාර්තා වී තිබිණ.

දේශ සීමාවේ සිටින BBC වාර්තාකරුවෙක් දැනට එහි තත්වය ගැන තොරතුරු ගෙන එමින් ප්‍රකාශ කළේ, සිරියානු ආණ්ඩුව දමස්කස් සහ අලෙප්පෝ වැනි නගර වලට පවා බෝම්බ හෙලූ බවට වාරතා වී ඇති බවයි.

මේ අතර, නැගෙනහිර සිරියාවේ දෙඉර් එස්සොර් (Deir Ezzor ) නගරයේ එල්ල කෙරුන කාර් බෝම්බ ප්‍රහාරයක් ගැන වාර්තා කළ රාජ්‍ය රූපවාහිනිය එම ප්‍රහාරය සම්බන්ධයෙන් කැරලිකරුවන්ටයි චෝදනා එල්ල කොට තිබෙන්නේ.

සටන් විරාමයේ පළමු දිනය ඇතුළත පමණක් ආණ්ඩුව එකසිය පනස් දෙනකු පමණ මරා දැමූ බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.