චීන දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සංවාදයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 31 බදාදා - 14:10 GMT
china

චීනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට නැගෙමින් ඇති හඬට එරට පළකෙරෙන මුල්පෙළේ පුවත්පතක් ද එක්විය.

මෙම හඬට අළුතින්ම එක්ව සිටින්නේ විශාල සමාජමය බලපෑමක් සහිත ග්ලෝබල් ටයිම්ස් (Global Times )පුවත්පතයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවත්සරය ලබන සතියේ ආරම්භ කරනු ලැබීමට නියමිතව ඇති අතරවාරයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සිය කතුවැකියක් මගින් කියා සිටින්නේ,ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවද්දී ඍජු අත්හදා බැලීමක් වශයෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයත් පෙරට ගෙනයායුතු බවයි.

පුවත්පත, චීන ප්‍රස්තාව පිරුළක් ද උපයෝගී කර ගනිමින් එම උත්සාහය විස්තර කර තිබෙන්නේ,ගඟ මැද ඇති ගල් අල්ලමින් ප්‍රවේශමෙන් ගංගාව තරණය කිරීමක් හැටියටයි.

ග්ලෝබල් ටයිම්ස් පුවත්පත චීනයේ ගතානුගතික දේශපාලන ආධිපත්‍යයේ හඬ හැටියටයි සැළකෙන්නේ.එම පුවත්පත මගින් පළ කරනු ලැබ ඇති කතුවැකිය චීන සමාජය තුළ ආකර්ශනීය වූ බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

චීන සමාජය තුළ ජනප්‍රිය නොවූ තවත් නීතියක් වන එක පවුලකට එක ළමයෙක් යන ප්‍රතිපත්තියත් අත්හැර දමන මෙන් එරට බුද්ධි මණ්ඩලයක් මේ අතර ඉල්ලා තිබේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.