සිරියානු කැරලිකරුවෝ ගුවන් හමුදා කඳවුරක් අසල සටන් වදිති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 3 සෙනසුරාදා - 14:16 GMT

සිරියානු කැරලිකරුවෝ සිරියාවේ සිරියාවේ උතුරු ප්‍රදේශයේ මුලෝපායී වශයෙන් ඉතා වැදගත් ගුවන් හමුදා කඳවුරක් ආසන්නයේම සටන් වදිමින් සිටිති.

ආණ්ඩුව ගුවනින් එල්ල කරනු ලබන ප්‍රහාර උත්සන්න කෙරෙත්ම, ඒවා නතර කිරීමේ අරමුණින් ටෆ්ටානාස් (Taftanaz) ගුවන් කඳවුරටයි කැරලිකරුවන් පහර දෙමින් සිටින්නේ.

කැරලිකරුවන් මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ල කරද්දී, සටන් පවතින කළාපයේ සිදු වූ පිපිරීම් කීපයක් ඇතුළත් වීඩියෝ පට අන්තර් ජාලයේ පල කොට තිබිණ.

එම ගුවන් කඳවුර කැරලිකරුවන් අතට පත් වුනොත්, දමස්කස් සහ අලෙප්පෝ යන වැදගත් නගර දෙක අතර ඇති ඉතාම වැදගත් කලාපයක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට යටත් වෙන බවයි, බී බී සී වාර්තාකරුවක් ප්‍රකාශ කළේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.