මරා දැමුණු කම්කරුවන්ගේ ඡායාරූප වෙනස් කළ බවට පොලීසියට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 6 අඟහරුවාදා - 13:07 GMT
South Africa miners in a protest

මරා දැමුණු ආකර කම්කරුවන්ගේ සිරුරු අසල ආයුධ දමා ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ බව සනාථ කිරීමට කටයුතු කල බවට දකුණු අප්‍රිකාවේ පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

මරා දැමුණු ප්ලැටිනම් ආකාර කම්කරුවගේ සිරුර අසල මුලින් ගත් ඡායාරූපයක මුලින් නොතිබුණු කැත්තක් පසුව දක්නට ලැබී ඇති අතර එය දකුණු අප්‍රිකානු පොලිසියේ ක්‍රියාවක් බවට සැක පළ වී තිබේ.

පොලීසිය තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා කටයුතු කරමින් මෙම කම්කරුවන්ට වෙඩි තැබූ බව ඒත්තු ගැන්වීම සඳහා එසේ කරන ලද බවයි සැක කෙරෙන්නේ.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නැයි මරා දැමුණු ප්ලැටිනම් ආකාර කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පොලීසියෙන් ඉල්ලා සිටිති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.