ඇමරිකානු ජනපතිවරණයේ කරට කර තරඟයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 6 අඟහරුවාදා - 14:40 GMT
Romney (L) and Obama

ජනාධිපති බරක් ඔබාමා ප්‍රතිවාදියා වන මිට් රොම්නිට වඩා සුළු ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වෙන්නේ

ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ සංඛ්‍යාත ඡන්ද දායකයෝ තමන්ගේ මීළඟ ජනාධිපති වරයා තෝරා ගැනීම සඳහා ඡන්ද පොළ කරා යමින් සිටිති.

ජනපතිවරණයේ ඉතා තියුණු තරඟයක් පවතින අතර ජනාධිපති බරක් ඔබාමා ප්‍රතිවාදියා වන මිට් රොම්නිට වඩා ඉතා සුළු ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වෙන්නේ.

තීරණාත්මක ලෙස අවසාන ප්‍රතිපලයට බලපෑම් කරන පළාත් රැසක්ම පිහිටා තිබෙන්නේ නැගෙනහිර පළාතේ.

රොම්නි ගේ ආධාරකරුවන් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් දක්වන බවත් සමීක්ෂණවල දැක්වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන්නේ හවායි ප්‍රාන්තයෙන්.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.