රුවන්ඩාවට විදේශ ආධාර ලබා දීමට ගත් තීරණය සාධාරණ නිගමනයක් - ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍ය ඇමති කියයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 8 බ්‍රහස්පතින්දා - 16:43 GMT

තනතුරෙන් ඉවත් වී යාමට පෙර, අවසාන දිනයේදී රුවන්ඩාවට ඩොලර් මිලියන විසිපහක විදේශ ආධාර ලබා දීමට ගත් තීරණය සාධාරණව සිතා බලා එළඹී නිගමනයක් බව ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන ඇමති ඇන්ඩ්රු මිචෙල් (Andrew Mitchell) ප්‍රකාශ කරයි.

රුවන්ඩා රජය අසල්වැසි කොන්ගෝ රාජ්‍යයේ කැරළි කරුවන් වෙත සහාය දක්වන බවට එල්ල වී තිබු චෝදනා හමුවේ මෙම ආධාර අනුමත කිරීම අත්හිටවා තිබු අතර, ආධාර මුදා හැරීමේ තීරණය ඉහල මට්ටමේ එකඟතාවය ඇතිව ගත් එකක් බවයි හිටපු ඇමති ඇන්ඩ්රු මිචෙල් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ කියා සිටියේ.

වංචනික ඇමතිවරයෙකු ඇඳ ඇතිරිලි අතරේ සැඟවී චෙක්පත් ලියා, සැක කටයුතු විදේශීය නායකයන් වෙත බෙදා දෙන බවට ඉඟි කෙරෙන අන්දමේ චෝදනා ඉදිරිපත් කිරීම අපහාසයක් බවද හිටපු ඇමති වරයා ප්‍රකාශ කළේය.

ආධාර නොලැබීමෙන් පහර වදින්නේ පාලකයන්ට නොව, පාසල් යන දරු දැරියන්ට බවයි , ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන ඇමති ඇන්ඩ්රු මිචෙල් (Andrew Mitchell) තවදුරත් ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.