පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ පාලනය පෙරළා දැමීමේ සැලැස්මක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 14 බදාදා - 15:40 GMT
Mahumad Abbas

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ පාලනය පෙරළා දැමීමට ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය ගෙන යමින් ඇති සැලැස්මක තොරතුරු හෙළිදරව් වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජ්‍යයක් නොවන මට්ටමේ සාමාජිකත්වයක් ලබා ගැනීම සඳහා පලස්තීන බල අධිකාරිය විසින් යොමු කරනු ලැබ ඇති ඉල්ලීම අනුමත වුවහොත් , ජනාධිපති මහමුද් අබ්බාස්ගේ පාලනය පෙරළා දැමිය යුතු බවයි පිටව ඇති ඊශ්‍රායල් ලේඛනයෙහි දැක්වෙන්නේ.

ඊට අදාළ අන්තර්ජාල ලේඛනයක් බී.බී.සිය සතුව ඇති අතර එයින් කියවෙන්නේ,පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා ගනු ලබන උත්සාහය පරාජය කිරීමට නොහැකි වුනොත් ,ඊළඟට ඇති එකම විකල්පය ජනාධිපති අබ්බාස් විසින් නායකත්වය දෙනු ලබන පලස්තීන බල අධිකාරිය අඩාල කර දැමීම පමණක් වන බවයි.

මේ සම්බන්ධයෙන් බී.බීසියට ප්‍රකාශයක් කරන පලස්තීන පාලනයේ සයිබ් එරකට් ඉහත කී ඊශ්‍රායල් අනතුරු ඇඟවීම බරපතළ මට්ටමින් සැලකිල්ලට ගන්නා බවත්, ජනාධිපති අබ්බාස්ට අනතුරක් කිරීමේ ඊශ්‍රායල් උත්සාහයක් පවතින බව බැහැර නොකරන බවත් කියා සිටියේය.

පලස්තීනයට රාජ්‍ය නොවන මට්ටමේ සාමාජිකත්වය පිරිනමන මෙන් ඉල්ලා සිටින අයදුම් පත ජනාධිපති අබ්බාස් විසින් ලබන විසි නව වැනිදා මහා මණ්ඩලයට භාර දීමට නියමිතව ඇති අතර, එම ඉල්ලීමට ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයත් විරුද්ධ බව ප්‍රකාශ වී තීබේ.

මේ අතර,හමාස් පලස්තීන සන්නද්ධ ව්‍යාපාරයේ යුද්ධ අංශයේ නායක අහ්මඩ් ජබාරි ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මරා දැමුණ බව වාර්තා විය.එම පුවත හමාස් ව්‍යාපාරය විසින් ද තහවුරු කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.