තාලිබාන් සිරකරුවන් නිදහස්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 14 බදාදා - 14:13 GMT

ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වුන ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව,තාලිබාන් සිරකරුවන් ගණනාවක් නිදහස් කිරීමට පාකිස්තාන් බලධාරීහු එකඟවුහ.

ඇෆ්ඝනිස්තානයේ කලින් පැවැති තාලිබාන් පාලනයේ අධිකරණ ඇමතිවරයා වූ මුල්ලා තුරාබි නිදහස් කෙරෙන සිරකරුවන් අතර සිටින බව වාර්තා විය.

එහෙත් තාලිබාන් ව්‍යාපාරයේ දෙවැනි අණදෙන නිලධාරියා වූ මුල්ලා අබ්දුල් ඝානි බරඩර් නිදහස් කොට නැත.

පාකිස්තාන් ආණ්ඩුව ගත් පියවර ඇෆ්ඝන් නිලධාරියකු විසින් විග්‍රහ කරන ලද්දේ ශුභවාදී පණිවුඩයක් හැටියටයි.

එහෙත් නිදහස් කොට ඇති පුද්ගලයන් සංවිධානය තුළ තවදුරටත් කිසිදු බලපෑමක් ඇති අය නොවන හෙයින්,තමන්ට එහි වැදගත්කමක් නැතැයි තාලිබාන් අණදෙන නිලධාරියෙක් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.