බ්‍රිතාන්‍යයත් සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය පිළිගනියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 20 අඟහරුවාදා - 14:15 GMT
William Hague with Syrian Opposition Leader

ඩොලර් දස ලක්ෂයකට වඩා වටිනා සන්නිවේදන උපකරණ නව සන්ධානයට ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ

සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය සිරියානු ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසින් පිළිගන්නා බව බ්‍රිතාන්‍යය නිවේදනය කළා.

සිරියානු නව විපක්ෂ සන්ධානය එසේ පිළිගත් දෙවැනි බටහිර රාජ්‍යය බ්‍රිතාන්‍යයයි.

නව විපක්ෂ සන්ධානය පිහිටුවා ගැනීම සිරියානු ජනතා අරගලයේ සන්ධිස්ථානයක් ලෙසින් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය විලියම් හේග්, සිරියානු විපක්ෂයට ලබා දෙන ආධාර වැඩි කරන බව ද නිවේදනය කළා.

ඩොලර් දස ලක්ෂයකට වඩා වටිනා සන්නිවේදන උපකරණ නව සන්ධානයට ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා කියා සිටියේ.

කෙසේ නමුත් හමුදා ආධාර ලබාදීම පිළිබඳව ඔහු කිසිවක් සඳහන් කළේ නැහැ.

සියලුම ගල්ෆ් කලාපීය රටවල්, තුර්කිය, සහ ප්‍රංශය සිරියානු ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසින් සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය මේ වන විට පිළිගෙන තිබෙනවා.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.