අප්‍රිකානු රාජ්‍ය නායක සමුළුව උගන්ඩාවේ කම්පාලා නගරයේදී ඇරඹෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 24 සෙනසුරාදා - 17:54 GMT

කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මතුව පවතින අර්බුදය ගැන සාකච්ඡා කෙරෙන අප්‍රිකානු රාජ්‍ය නායක සමුළුව උගන්ඩාවේ කම්පාලා නගරයේදී ආරම්භ විය.

කලාපයේ රාජ්‍ය නායකයන් හතර දෙනෙකකු සහභාගී වෙන සමුළුවට රුවන්ඩා ජනාධිපති,පෝල් කගමේ(Paul Kagame)සහභාගී නොවේ.

නැගෙනහිර කොංගෝවේ සටන්වැද සිටින M23 කැරලිකරුවන්ගේ නායකයන් කීප දෙනකුද කම්පාලා අගනුවරට පැමිණ සිටින බවයි, සමුළුව වාර්තා කරන BBC මාධ්‍යවේදියෙක් සඳහන් කලේ.

සමුළුවේ ඉලක්කය කොන්ගෝ ආණ්ඩුව සහ කැරලිකරුවන් අතර සංවාදයකට මුලපිරීමයි.

M23 කැරලිකරුවන්ට ආධාර දෙන බවට රුවන්ඩාවට චෝදනා කෙරෙතත්, ඔවුහූ එම චෝදනා ප්‍රතික්ෂේප කරති .

ගෝමා (Goma) නගරය යටත්කර ගත් M23 කැරලිකරුවන්, කොන්ගෝ ආණ්ඩුවේ හමුදා අත මෙතෙක් පැවැති භූමියෙහි ඉදිරියට එමින් ඇති බවටයි වාර්තාවන්නේ.

කොංගෝවේ මානවීය අර්බුදය තවත් නරක අතට හැරෙමින් ඇතැයි, ආධාර ආයතන මේ අතර මැසිවිලි පල කරතී

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.