කැටලෝනියාවේ මැතිවරණයෙන් බෙදුම්වාදී පක්ෂවලට ජය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 26 සඳුදා - 12:21 GMT
Election campaign in Katalonia

පරාජිත පක්ෂයේ නායකයා කියා සිටියේ කැටලෝනියානු නිදහස සම්බන්ධයෙන් ඉදිරි වසර හතර ඇතුළත මහජනතාව සමඟ සංවාදයකට යන බවයි

ස්පාඤඤයේ පොහොසත්ම කලාපය වන කැටලෝනියාවේ මැතිවරණයෙන් එම කලාපයට වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින දේශපාලන පක්ෂ වලට ජයග්‍රහණය අත්විය.

කැටලෝනියාව ස්පාඤඤයෙන් වෙන්විය යුතු යයි කියාසිටින ජයග්‍රාහී දේශපාලන පක්ෂ කියාසිටින්නේ, තම භූමියට නිදහස දිය යුතුද නැද්ද යන්න තීන්දු කෙරෙන ජනමත විචාරණයක් කැඳවන මෙන් බල කරන බවයි.

කැටලෝනියානු ප්‍රාදේශීය මන්ත්‍රී මණ්ඩලයේ ආසන සඳහා පැවැත්වුන මැතිවරණයෙන් එහි පාලන බලය හිමිව තිබුන CiU පක්ෂය පරාජය වූ අතර, බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙන්නේ,කැටලෝනියානු නිදහස් ව්‍යාපාරයට සහයෝගය පළකරන "ජනරජවාදී වම" නම් පක්ෂයයි.

පරාජිත CiU පක්ෂයේ නායක Artur Mas, BBC යට ප්‍රකාශයක් කරමින් කියාසිටියේ කැටලෝනියානු නිදහස සම්බන්ධයෙන් තමා ඉදිරි වසර හතර ඇතුළත මහජනතාව සමඟ සංවාදයකට යන බවයි.

එහෙත් ඉහත සඳහන් කළ ආකාරයේ ජනමත විචාරණයක් කැඳවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ස්පාඤඤ ආණ්ඩුව එවනි ක්‍රියාමාර්ගයකට යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි කියා සිටින්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.