ඇඟලුම් සේවකයන් වෙනුවෙන් බංග්ලාදේශයේ ශෝක දිනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 27 අඟහරුවාදා - 13:56 GMT
Mass burial of workers killed by fire

ගින්නකට හසුවීමෙන් මියගිය ඇඟලුම් සේවක සේවිකාවන් සැමරීම සදහා නිවාඩු දිනයක් ද ලබාදී තිබේ

පසුගිය සෙනසුරාදා ගින්නකට හසුවීමෙන් මියගිය ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් සිය දෙනෙකුට වැඩි පිරිසක් සැමරීම සදහා බංග්ලාදේශය ජාතික ශෝක දිනයක් නිවේදනය කළේය.

ඒ වෙනුවෙන් ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට නිවාඩු දිනයක් ද ලබාදී තිබේ.

ගින්නට හසුවීමෙන් මිය ගිය ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් තමන්ගේ අනුදැනුමකින් තොරව තමන් වෙනුවෙන් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටි බව ඇමරිකාවේ විශාලතම සුපිරි වෙළඳ පළ ජාලය හිමි වොල්මාර්ට් සමාගම පවසයි.

තමන්ට ඇඟලුම් සපයන කොන්ත්‍රාත් කරුවෙක් තමන්ගේ අනුදැනුමකින් තොරව උප කොන්ත්‍රාත් කරුවෙකු යටතේ ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටි බවයි වොල්මාර්ට් සමාගම කියා සිටින්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.