යසර් අරෆත් ගේ සිරුර යලි ගොඩගැනේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 27 අඟහරුවාදා - 13:14 GMT
Arafat tomb

ඔහුගේ ඇඳුම්වල විකිරණශීලී පොලෝනියම් හමුවුන බව හෙළිදරව් කෙරුණු පසුවයි විමර්ශන ආරම්භ කෙරුනේ

අභාවප්‍රාප්ත පලස්තීන නායක යසර් අරෆත් ගේ දේහය යළිත් ගොඩගෙන තිබේ.

පලස්තීන නායකයා වස දීමකින් මිය ගිය බව සැක පල වීමෙන් අනතුරුවයි රාමල්ලා නගරයේ මිහිදන් කොට තිබුන දේහය යළි ගොඩ ගැනුනේ.

ගොඩගත් සිරුරු කොටස් පිළිබඳව පර්යේෂණ පැවැත්වෙන අතර වාර්තාව නිකුත් වීමට තවත් මාස ගණනාවක් ගතවිය හැකියි.

මීට අට වසරකට පෙර මිය ගිය යසර් අරෆත් ගේ මරණයට හේතුව හරි හැටි නිගමනය කෙරුනේ නැහැ.

ඔහුගේ ඇඳුම්වල විකිරණශීලී පොලෝනියම් හමුවුන බව රූපවාහිනී වැඩසටහනකින් හෙළිදරව් කෙරුණු පසුවයි විමර්ශන ආරම්භ කෙරුනේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.