ඊජිප්තු ජනපතිට අධිකරණයෙන් චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 28 බදාදා - 13:14 GMT
Egypt suremecourt

Egypt Supremecourt

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්ෂි, රටේ අධිකරණයට එරෙහි ව්‍යාපාරයක හවුල් කරුවකු බවට පත්ව ඇති බව එරට උපරිමාධිකරණය චෝදනා කර සීටී.

ඊජිප්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්,ජනාධිපති මොහමඩ් මොර්ෂි ද අයත් වන මුස්ලිම් සහෝදරත්වය පක්ෂය, උසාවියෙන් සහ විනිසකරුවන්ගෙන් දරුණු පලිගැනීමක් සඳහා බලා සිටින බවයි කියා සිටියේ.

ජනාධිපති මොර්ෂි,පසුගිය සතියේ ඔහු විසින්ම නිකුත් කර ගන්නා ලද ආඥාවකින් සිය පදවියට මහාපරිමාණයේ අධිකරණ බලතල එක්කරගත් අතර, එය ජනාධිපතිවරයා සහ අධිකරණය අතර ගැටුමක් ආරම්භවීමට හේතු විය.

මුස්ලිම් සහෝදරත්වය කලින් පැවැති හොස්නි මුබාරක් පාලනයේ ශේෂයක්ය යන්න අධිකරණයේ විග්‍රහයයි.

ජනාධිපති මොර්ෂි විසින් සිය පදවියට අධිකරණ බලතල එක්කර ගනු ලැබීමට එරෙහිව,ඊයේ කයිරෝ අගනුවර තහ්රිර් චතුරශ්‍රයෙහි සහ රටපුරා වෙනත් ස්ථානවල මහජන විරෝධතා ව්‍යාපාර පැවැත්වින.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.