එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ගැන පලස්තීනයේ උත්සව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 30 සිකුරාදා - 13:05 GMT
Celebrations in Palestine

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් එක්සත් ජාතීන්ගේ තීන්දුව විග්‍රහ කරන්නේ ඓතිහාසික විජයග්‍රහණයක් හැටියට

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජ්‍ය නොවන මට්ටමේ සාමාජිකත්වය ලැබීම වාර්තා වීමත් සමඟ ගාසා තීරය සහ බටහිර ඉවුර පුරා ජනතාව තවමත් ප්‍රීති උත්සව පවත්වමින් සිටින බව වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනයේ තත්වය තීන්දු කෙරෙන ඡන්දයේදී සාමාජික රටවල් අති බහුතරයක කැමැත්ත පලස්තීන යෝජනාවට පක්ෂවයි, ප්‍රකාශ කෙරුනේ.

සාමාජික රටවලින් එකසිය තිස් අටක් යෝජනාවට පක්ෂව ද, නවයක් විපක්ෂව ද ඡන්දය දුන් අතර, රටවල් හතළිස් හයක් එම අවස්ථාවට සහභාගී වීමෙන් වැළකී සිටියහ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සහ කැනඩාව ඇතුළු රටවල් නවයකුයි, යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබෙන්නේ.

යුරෝපා හවුළේ බොහෝ රටවල් ද ඇතුළුව, රුසියාව චීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් පලස්තීනයේ තත්ත්වය නංවාලීමේ යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබිණ.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනයට හිමිවන්නේ පූර්ණ සාමාජිකත්වයෙන් තොර නිරීක්ෂක මට්ටමේ තත්වයක්.

එම තත්ත්වය පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් විසින් විග්‍රහ කරන ලද්දේ ඓතිහාසික විජයග්‍රහණයක් හැටියටයි.

එහෙත් එය සාම ක්‍රියාදාමයට අහිතකර බලපෑමක් සහිත දේශපාලන නාඩගමක් හැටියටයි, ඊශ්‍රායල් ආණ්ඩුවේ ප්‍රකාශක මාර්ක් රෙගෙව් විසින් විග්‍රහ කරන ලද්දේ.

ලබාගත් ජයග්‍රහණය නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය වැනි ආයතනවල නියෝජනය වීමට පලස්තීනයට අවස්ථාව ලැබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.