ලොව පුරා කෝටි දෙසීයකට අධික බාලවයසේ ළමුන් බලහත්කාර මෙහෙයේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 5 බදාදා - 12:28 GMT

ලොව පුරා කෝටි දෙසීයකට අධික බාලවයසේ ළමුන් බලහත්කාරයෙන් වැඩෙහි යොදවා ඇතැයි එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක්‍ පෙන්වා දෙයි.

අධ්‍යාපනය පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් නිකුත් කල වාර්තාවට අනුව, එම ළමුන් කෝටි දෙසීයෙන් එක්කෝටි පනස් ලක්ෂයක්ම කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලබති.

එම ආයතනයේ නියෝජිත, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් ප්‍රකාශයක් කරමින්, ළමා ශ්‍රමය සූරාකෑම නතර කිරීමේ උත්සාහය පලදරා ඇත්තේ ඉතාම සෙමින් යයි කියා සිටී.

එවැනි තත්වයක් යටතේ ලෝකයේ අධ්‍යාපනය නංවාලීමට ගනුලබන උත්සාහය අසාර්ථක වන බවයි, ගෝර්ඩන් බ්‍රවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අප්‍රිකාවේ ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව, ක්‍රිස්තු වර්ෂ 2020 වනවිට තවත් එක්කෝටි හැට ලක්ෂයකින් වැඩිවිය හැකි බවයි, තවත් වාර්තාවකින් ප්‍රකාශ වන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.