කයිරෝ නුවර ජනාධිපති මාලිගය වටා කටු කම්බි වැටක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 6 බ්‍රහස්පතින්දා - 17:32 GMT

ඊජිප්තුවේ කයිරෝ නුවර ජනාධිපති මාලිගය අවට ප්‍රදේශය කටු කම්බි වැට වලින් වට කෙරේ.

ඊජිප්තු හමුදා විසින් සියලුම උද්ඝෝෂකයන්ට පිටව යාමට අණ කෙරිණ.

අනතුරුව ඊජිප්තු හමුදා විසින් කයිරෝ නුවර ජනාධිපති මාලිගය අවට ප්‍රදේශය වටා කටු කම්බි වැටවල් ඉදි කරන ලදී.

වැඩි දෙනකු පළාත හැර ගියත් ඇතැම් වාර්තා වලින් කියැවෙන පරිදි ජනාධිපති මොර්සි ගේ විරුද්ධ වාදීන් සමහරෙක් තවමත් නගරයේ රැදී සිටිති.

ජනාධිපති වරයාගේ ආධාර කරුවන් හා විරුද්ධ වාදීන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගත් බදාදා පස් දෙනකු මිය ගොස් හය සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.