සිරියානු කැරලි කරුවන් 'ජය ගන්නා ලකුණු'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 13 බ්‍රහස්පතින්දා - 16:49 GMT

අලෙප්පෝ නුවර සිරියානු කැරලි කරුවන්

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් පරාජය වීමේ ඉඩකඩ ඇතැයි රුසියානු රජය පළමු වතාවට ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිහායිල් බග්දනාෆ් ප්‍රකාශ කළේ සිරියානු රජයේ හමුදා අත වූ භුමි ප්‍රදේශ එන්න එන්නම ගිලිහී යන බවත්, විපක්ෂයේ ජයග්‍රහණයක් සිදුවීම නොවැලක්විය හැකි සේ පෙනී යන බවත්.

එසේ වෙතත් මොස්කව් නුවර බීබීසී වාර්තාකරු පවසන්නේ සිය මුල් පෙලේ සගයකු වන සිරියාව සම්බන්ධයෙන් රුසියානු පාලනයේ නිල ස්ථාවරය වෙනස් වී නැති බවයි.

ජනාධිපති අසාද් බලයෙන් පහ කිරීම ගැටුම උත්සන්න කරනු ඇති බවයි රුසියාවේ පිළිගැනීම.

සිරියාව සම්බන්ධයෙන් එකඟතාවකට එළඹෙන ලෙස නැවත වතාවක් ප්‍රකාශ කළ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය වරයා ඒ සමගම කියා සිටියේ අවශ්‍යතාවක් වේ නම් සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට සැලසුම් සම්පාදනය කරමින් සිටින බවයි.

සිරියානු රජයට ආයුධ සපයන රුසියානු රජය, ගැටුමට ජාත්‍යන්තර මැදිහත් වීම වලක්වා ලන්නට දිගටම කටයුතු කළ රාජ්‍යයක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.