ඊජිප්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය රැස්වේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 26 බදාදා - 16:26 GMT

මතභේදයට තුඩු දී තිබුන ඊජිප්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවැත්වුන ජනමත විචාරනයේ දී, ඊට පක්ෂපාතී මතය ජයග්‍රහණය කරනු ලැබීමෙන් පසු, එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන ශෝරා සභාව එහි පළමු සැසි වාරය සඳහා රැස්විය.

ඉදිරි මාස දෙක ඇතුළත නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්නා තෙක්, ව්‍යවස්ථාදායක බලතල හිමි වෙන්නේ, ඉහළ මන්ත්‍රී මන්ඩලයටයි.

ජනමත විමසුමෙන් පසු ජනාධිපති මොහමඩ් මුර්ශි, නව ව්‍යවස්ථා කෙටුම්පතට අත්සන් තබා ඇති බවත් නිවේදනය විය.

ඊජිප්තුවේ නව ව්‍යවස්ථා කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කෙරුණත්, ජනමත විමසුමට සහභාගී වුනේ, ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පිරිසකි.

නව ව්‍යවස්ථාව ඉස්ලාමීය උවමනාවන්ට අනුව සැකසුන එකකැයි පෙන්වා දෙන ඊජිප්තු විපක්ෂය, ඊට එරෙහිව මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි නිරත වෙමින් සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.