ඕස්ට්‍රේලියාවේ කොරල් පර විනාශයට චීන ආර්ථිකයේ බලපෑම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා - 13:55 GMT
coral

ඉකුත් දශක තුනක කාලයක් තුල දී ඕස්ට්‍රේලියාවේ කොරල් පර ප්‍රමාණය සියයට අසූවකින් වත් ක්ෂය වී යාමට චීනයේ ආර්ථික සමෘද්ධිය බලපා ඇතැයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි කොරල් පර වලට මහත්ම හානිය සිදු කොට ඇත්තේ වෙරළබඩ ඉදිකිරීම්, පරිසර දූෂණය හා මසුන් වැඩියෙන් මැරීම හේතුවෙන්.

විද්‍යාඥයන් පවසන පරිදි දකුණු දිග චීන මුහුදේ වර්ග කිලෝමීටර තිස් දහසක් පුරා පැතිර පවත්නා කොරල් පර මත්තේ යැපෙන ධීවරයන් ප්‍රමාණය දස දහස් ගණනකි.

ඇතැම් කොරල් පර සඳහා රටවල් කීපයක් උරුම කම් කියන හෙයින් සංරක්ෂණය දුෂ්කර වී ඇති බවයි පරිසර ක්‍රියාධාරීන් පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.