දුෂණයට ලක් වූ ඉන්දීය තරුණිය ඉතා අසාධ්‍ය තත්වයෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 28 සිකුරාදා - 14:57 GMT

මේ මස මුලදී ඉන්දියාවේදී දාමරිකයන් පිරිසක් විසින් දුෂණයට ලක් වී රෝහල් ගත කල තරුණිය මේ වන විට ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන බවට වාර්තා වෙයි.

හිසට එල්ලවූ පහරකින් මොලයට බරපතල හානි සිදුවී ඇති අතර පෙනහළු සහ උදාර ආසාදනයන් නිසා ඇය කෘත්‍රිම ස්වසන යන්ත්‍ර ආධාරයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ .

මෙම තරුණිය දුෂණයට ලක් වූ පුවත වාර්තා වීමෙන් අනතුරුව ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ දියත් කෙරිණ.

වීදි බට ජනතාව සටන් පාඨ කියමින් රජයෙන් ඉල්ලා සිටියේ කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා දැඩි නීති රීති පනවන ලෙසයි.

ඉහත කී තරුණිය බස් රථයක් තුලදී කිහිප වතාවක්ම දුෂණය කිරීමෙන් අනතුරුව යකඩ පොල්ලකින් පහර දී මග දමා ගොස් තිබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.