දූෂණයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍යාව මිය යයි - ඉන්දියාව පුරා උද්ඝෝෂණ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 29 සෙනසුරාදා - 17:06 GMT

බස් රථයකදී සාහසික කල්ලියක් විසින් දූෂණය කරනු ලැබීමෙන්, බරපතල තුවාළ ලැබ සිටි විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ අභාවය සම්බන්ධයෙන් සමස්ථ ඉන්දියාවම ශෝක වෙමින් සිටියි.

මෙම සාහසික දූෂණ අපරාධය, ඉන්දියාව තුළ ජාතික මට්ටමේ මහජන විරෝධයක් දියත් වීමට හේතු විය.

මුලදී ඉන්දියාවේ ප්‍රතිකාර ලද වෛද්‍ය ශිෂ්‍යාව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගපූරුව කරා ගෙන ගිය අතර, එහි රෝහලකදීයි අභාවය සිදු වුනේ.

එම දූෂණ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව දැන් මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කොට තිබේ.

කාන්තාවන් කෙරෙහි පවතින සමාජ ආකල්පයෙහි වෙනසක් සිදුකිරීම සඳහා මෙන්ම, ලිංගික අපරාධවලට එරෙහි නීතිය තවත් දැඩි කිරීමට පියවර ගන්නා ලෙස බල කෙරෙන, මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැණ නැගීමට ඉහත කී අපරාධය හේතු වී තිබේ.

උද්ඝෝෂකයන් අමතා කතා කිරීමට, දිල්ලි මහා ඇමතිනී ෂෙයිලා දික්ෂිට් (Sheila Dikshit) උත්සාහ කලත්, ජනතාව කෑ ගසන්නට පටන් ගත් බවයි, දිල්ලි නගරයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙන්නේ.

දිල්ලි නගර කේන්ද්‍රය පොලිස් මුරකාවල් යොදා මේ වනවිට වසා දමනු ලැබ තිබේ.

විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ මෘත දේහය අද සවස ඉන්දියාවට ගෙන එන ලදි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.