ඉන්දීය යුද හමුදා අවුරුදු සාද අවලංගුයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 31 සඳුදා - 18:48 GMT

තරුණියක් දුෂණයෙන් ඝාතනය වීම සමඟ දිල්ලි නුවර ඇවිලේ

දිල්ලි අගනුවරදී සාහසික කල්ලියක් අතින් දූෂණයට ලක්වී මරණයට පත් තරුණියට ගරු කරනු පිණීස ඉන්දීය යුද හමුදාව අළුත් අවුරුදු නිල උත්සව සහ සාද අවලංගු කොට ඇත.

මේ අතර කාන්තා අයිතීන් සුරක්ෂිත කරන ලෙස රජයට බල කරමින්,සඳුදා දිල්ලි නුවර සිසුහු සටන් පාඨ කියමින්, බෙර වයමින් වීදි සංචාරය කළහ.

මරණයට පත් ශිෂ්‍යාවට ගරුකිරීමක් වශයෙන්,ඉන්දියාවේ පාලක කොන්ග්‍රස් පක්ෂයද අළුත් අවුරුදු සැමරුම් නොපවත්වන බව නායිකා සෝනියා ගාන්ධි නිවේදනය කළාය.

විසි තුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව බස් රථයක් තුළදී දූෂණය කර මග දමා ගොස් තිබුණි. හිසට ගැසූ යකඩ පොලු පහරකින් මොළයට හාණි සිදුවී තිබුණු අතර, ඇය මරණයට පත් වුනේ සිංගප්පූර් රෝහලකදී .

වෛද්‍ය ශිෂ්‍යාවගේ මරණය සැලවීමත් සමග ඉන්දියාව පුරා ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගත් අතර, සමහර උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ගැටුම් දක්වා වර්ධනය විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.