බුරුම කැරලිකරුවනට හමුදා ප්‍රහාර එල්ල කරනු දැක්වෙන වීඩියෝ බී.බී.සි යට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 2 බදාදා - 15:27 GMT

බුරුම යුද හමුදා ප්‍රහාරක යානයක් උතුරු බුරුමයේ කචින් (Kachin) පළාතේ කැරලිකරුවන්ගේ කඳවුරු ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරනු දැක්වෙන වීඩියෝ දර්ශන බී .බී. සි යට ලැබී තිබේ.

මෙම වීඩියෝ පට පිළිබඳ අදහස් දැක්‌වූ බී.බී.සී මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර සිටියේ, ස්වයං ආරක්ෂාවට හැර ආක්‍රමණික ප්‍රහාරවල නිරත නොවන බවට, බුරුම ජනාධිපති වරයා විසින් දෙනු ලැබ තිබුන ප්‍රතිඥාව ඉක්මවා ක්‍රියා කර ඇති බවක්, ඉහත කී වීඩියෝ පට සහ ප්‍රහාරය ඇසින් දුටුවන්ගේ ප්‍රකාශන වලින් පෙනී යන බවයි.

අවුරුදු දාහතක සටන් විරාමය

බුරුම හමුදාවේ ගුවන් ප්‍රහාර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආධාර ආයතනයක් විසින් වීඩියෝගත කරනු ලැබ තිබුණි.

කැරලිකරුවන් ඉලක්ක කරගෙන පසුගිය දිනවල හමුදා ප්‍රහාර එල්ල කරන ලද බවයි, සිද්ධීන් දුටුවන් කියා සිටින්නේ.

බුරුම ආණ්ඩුව සහ කචින් කැරලිකරුවන් අතර, අවුරුදු දාහතක සටන් විරාමයක් පැවතුනත්, 2011 දී දෙපාර්ශ්වය අතර යලිත් ගැටුම් ආරම්භ විය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.