ඉන්දු-පකිස්තාන මත ගැටුමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 9 බදාදා - 15:39 GMT

පසුගියදා කාශ්මීර දේශ සීමාව ආසන්නයේදී පාකිස්තාන හමුදා ප්‍රහාරයට ලක්ව මියගිය ඉන්දීය හමුදා භටයින් දෙදෙනාගෙන් එක අයෙකු පකිස්තාන් හමුදා භටයින් විසින් හිස ගසා මරණයට පත් කර ඇති බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර සිටී.

දේශ සීමාව හරහා කඩා වැදුණු පකිස්තාන් හමුදා තම හමුදාවට ප්‍රහාර එල්ල කල බව ඉන්දීය බලධාරීන් පසුගිය අඟහරුවාදා චෝදනා කර සිටියහ.

මෙම ප්‍රහාරය අතිශය ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවයි ඉන්දීය ආරක්ෂකඇමති ඒ.කේ.ඇන්තනි ප්‍රකාශ කලේ.

ඉන්දීය චෝදනා ප්‍රතික්ෂේප කරන පාකිස්තානය කියා සිටින්නේ පසුගිය සති අන්තයේ පාකිස්තාන හමුදා භටයෙක් මරා දැමීමට මුල්වූ සිද්ධිය පිලිබඳ අවධානය වෙනතකට හැරවීමේ ප්‍රචාරක ප්‍රයෝගයක ඉන්දීය බලධාරීන් නිරතව සිටින බවයි.

දේශසීමාව දෙපස සිට සිදුවන වෙඩි හුවමාරු සුලබ වුවත්,හමුදා භටයින් දේශසීමාව හරහා කඩා වැදීමේ සිද්ධි අතිශයින් දුර්ලබ බව වාර්තාකරුවන් ප්‍රකාශ කරති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.