පාකිස්තාන අගමැති අත් අඩංගුවට ගැනීමේ නියෝගය ප්‍රතික්ෂේප කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 17 බ්‍රහස්පතින්දා - 16:41 GMT

අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අගමැති රාජා පර්වේස් අෂ්රෆ් (Raja Pervez Ashraf) අත් අඩංගුවට ගැනීමේ පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය වගකීම් පිලිබඳ ජාතික කාර්යාංශයේ ප්‍රධානියා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එහි ප්‍රධානි ෆසී බොඛාරි (Fasih Bokhari ) කියා සිටියේ අත් අඩංගුවට ගැනීම යුක්ති සහගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පරීක්ෂණ වලින් හමුවී නැති බවයි.

සාක්ෂි නැවත විමසා බැලිය යුතු බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

මේ අතර සභාග රජයේ මන්ත්‍රීවරුන් පිරිසක්, රජය ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් උද්ඝෝෂණයේ යෙදෙන මුස්ලිම් පූජකවරයකු මුණ ගැසුණ බවට වාර්තා වේ.

මුස්ලිම් පූජක තාහිරුල් කද්රි (Tahir-ul-Qadri) ප්‍රධාන දස දහස් ගණනක් අනුගාමිකයෝ ඉස්ලාමාබාද් අගනුවර රජයේ ආයතන ඉදිරිපිට ඉරිදා සිට වාඩිලා සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.