අතුරුදහන් වූ සමාජ ක්‍රියාධරයා ගැන සොයා බලන්න - ඇමරිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 17 බ්‍රහස්පතින්දා - 14:27 GMT

අතුරුදහන් වූ මුල් පෙළේ සමාජ ක්‍රියාධරයකු සිටින ස්ථානයක් සොයා බලන මෙන් ඇමරිකා එක්සත් ජනපදය ලාඕස් රජයෙන් ඉල්ලා සිටියි.

නිවස බලා රිය පදවාගෙන යද්දී මසකට ඉහතදී අතුරුදහන් වූ සොම්බත් සොම්පෝන් (Sombath Somphone) සිටින තැනක් ගැන සොයා බලන මෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලාඕස් රජයෙන් ඉල්ලා ඇත.

වියන්ටියාන් (Vientiane) අගනුවරදී පොලිසිය විසින් නවත්වනු ලැබීමෙන් අනතුරුව හඳුනා නොගත් පිරිසක් විසින් සොම්බත් සොම්පෝන් (Sombath Somphone) ගෙනයන ආකාරය ආරක්ෂාව සඳහා සවිකර ඇති කැමරා රූප රාමු වල දැක්වේ.

ලාඕසයේ කොමියුනිස්ට් පාලකයන් පවසන්නේ ඔහුට සිදුවූ දෙයක් නොදන්නා බවයි.

අතුරුදහන් වූ සමාජ ක්‍රියාකාරිකයා චිරස්ථායී සංවර්ධනය හා ගොවියන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටි අයෙක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.