පාකිස්තාන් අගමැති ගැන පරීක්ෂා කළ නිලධාරිකුගේ මල සිරුර හමුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 18 සිකුරාදා - 13:27 GMT
Kamran Faisal's body found

දූෂණ විමර්ෂණ කාර්යාංශයේ නේවාසිකාගාරයේ කම්රන් ෆයිසල් නිලධාරියාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයාගත් බව නිල ආරංචි මාර්ග පවසයි

පාකිස්තාන් අගමැති රාජා පර්වේස් අෂ්රෆ්ට එරෙහි දුෂණ චෝදනා විමර්ෂණ කිරීම සඳහා පත් කර ඇති පරීක්ෂක කණ්ඩායමට අයත් නිලධාරියෙකුගේ මල සිරුර හමුවී ඇති බව එරට බලධාරීහු පවසති.

ඔහු තම සහෝදර නිලධාරීන් සමග වාසය කළ ඉස්ලාමාබාද් නුවර පිහිටි දූෂණ විමර්ෂණ කාර්යාංශයේ නේවාසිකාගාරයේ කම්රන් ෆයිසල් නමැති මෙම නිලධාරියාගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයාගත් බව නිල ආරංචි මාර්ග පවසයි.

අගමැති වරයාට එරෙහිව එල්ලවී ඇති අල්ලස් චෝදනා පිලිබඳ කරුණු පරීක්ෂා කරමින් සිටි කම්රන් ෆයිසල් සිය දිවි හානි කරගත් බවට සැක කරන බව බලධාරීහු පවසති.

අගමැතිවරයා අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සතිය මුලදී නිකුත් කළ නමුත්, අගමැතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වී නැති බව දුෂණවලට එරෙහි පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ගේ නායකයා ප්‍රකාශ කරයි.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.